AFC Banner
Empty Ad
Empty Ad

ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?