ගම්පොළ පුස්සල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් හෙල්බොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යාමෙන් අඹු සැමි යුවළක් බරපතල ලෙස පිලිස්සී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ඇස් දෙක පමණක් ඉතිරි වන්නට සිරුරේ සියලු කොටස් පිළිස්සී ඇති වසන්ත කුමාර නැමැති සැමියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන පුස්සල්ලාව පොලිසිය පවසයි.
26හැවිරිදි වසන්ති නැමැති බිරිඳගේ ඉනෙන් පහළ කොටස පිළිස්සි රෝහලට ඇතුළත් කොට තිබේ.
මොවුන් අලුත විවාහ වී සිටින යුවළක් වන අතර ඔවුන්ට මාස පහක දරුවකුද සිටි.
මෙම ගෑස් පිපිරිමෙන් නිවසේ කුස්සියේ වහල ගැලවී විසිවී ඇති බවද පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
ගම්පොළ ස්ථානීය අපරාධ අංශයේ නිලධාරීන් ඊයේ 19 දින එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්විය.
පුස්සැල්ලාව පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එම්.එස්. යාලයගම මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවත්වූහ.




