ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් අද (21) දිනයේ දිවයිනට ළඟා වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එම සමාගම පැවසුවේ, අද (21) දිනයේ පැමිණෙන නෞකාවත් සමඟ මෙම මාසයට අදාළව ගෑස් නෞකා 07ක් මෙරට පැමිණ ඇති බවයි.
ඒ, අනුව මේ මාසයට අදාළව ගෑස් මෙට්‍රික් ටොන් 27 300ක් මෙරටට පැමිණ ඇති බවයි එම සමාගම සඳහන් කළේ.
එමෙන්ම මෙම මාසයට අදාළව තවත් ගෑස් නෞකා 03ක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













