AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් පෝලිමේ රැය පහන් කළ අයෙක් පානදුර ගඟට වැටී අතුරුදන්

පානදුර ගඟෙන් මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.

පානදුර ප්‍රදේශයේ ගෑස් පෝලිමේ ඊයේ (03) රාත්‍රියේ සිට රැදී සිටි පුද්ගලයකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

ඊයේ (03) රාත්‍රි සිට ගෑස් පෝලිමේ රැඳී සිටීමෙන් පසු අදාල පුද්ගලයා අද (04) උදෑසන මුහුණ සෝදා ගැනීමට ගඟට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ගඟට වැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?