AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැවක් කොළඹ වරායට!

මිල වැඩි කිරීම් සිදු කළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතිනවා.

ඊයේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයක්.

මේ අතර ඇතැම් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණා.

LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. 

ඒ අනුව, ගෘහස්ථ LP ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය බෙදාහැරීමේ ප්‍රමාදය නිසා ඇති වී ඇතැයි ද එම සමාගම සඳහන් කරනවා.  

දැනට පවතින හිඟය නුදුරේදීම යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පැවසුවා.

මේ අතර, රට තුළ යළි ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වෙනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තා.

ඒ පැවති මිල ගණන් යටතේ පාඩු විඳ ගනිමින් සිය ව්‍යාපාර කරගෙන යා නොහැකි බව පවසමිනි.

ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ඉහළ නැංවුණා.

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වනවා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබා දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?