ගැහුවේ පරණ තැටියමයි,මෛත්‍රීගෙන් සල්ගාදු රැලිය ගැන ප්‍රතිචාර

ආණ්ඩුව නැවතත් සුපුරුදු තක්කඩි දේශපාලන ගමන යෑමට උත්සාහ කළද එය අනුරාධපුර සල්ගාදු පිටියේදී ලප් තැනම ලොප් වූ බව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සදහන් කළා.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයාද වන ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සල්ගාදු පිටියේදී ආණ්ඩුව සමඟ මෙතෙක් සිටී රටේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වත් පිරිස නොසිටීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් බවයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බස් යොදාගෙන දිවයිනේ දසතින් ගෙන්වා ඔලුගෙඩි පෙන්නා ජනතාව තවදුරටත් නොමඟ යැවීමට සිතන්නේ නම් එය ආණ්ඩුවේ අවසානය බව මතක තබා ගත යුතු බවත් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

සල්ගාදු වේදිකාවේ දූෂණය, භීෂණය, වංචාව සම්බන්ධයෙන් විශාල හඬක් නැගුවද පසුගිය කෙටි කාලය තුල සිදු වු පොහොර වංචාව, සුදු ලූනු වංචාව, සීනි වංචාව, ගෑස් පුපුරායාම, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉදිකිරීම ආදී කරුණු ගැන ආණ්ඩුවේ ප්‍රධානින් ඒ වේදිකාවේදී වචනයක්වත් කතා නොකළ බවයි ගුණරත්න මහතා හෙළිදරව් කරන්නේ.

හොරකමට පමණක් නොව මැරකමට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන්ද සල්ගාදු වේදිකාවේදී ආණ්ඩුවේ නායකයින්ගෙන් වචනයක්වත් ඇසුනේ නැති බවයි ඔහුගේ මතය වන්නේ.

ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් තවත් වටයකින් ජනතාව මුලා කොට මැතිවරණයකට යෑමට සූදානම් වීම බවට අනාවැකියක්ද ගුණරත්න මහතා පළ කරනවා.

දෙස් විදෙස් කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාව ගැන සල්ගාදු වේදිකාවේ ආණ්ඩුවේ ප්‍රධානීන් තලු මරමින් කතා කළේ නැවතත් රටේ ඇත්ත ප්‍රශ්න යටගැසීමට බවට ඔහු චෝදනාවක්ද කරනවා.

එය යළිත් ජනතාව බිය වද්දවා බලය පවත්වාගෙන යෑමට දරන අසාර්ථක උත්සාහයක් ලෙසටයි ගුණරත්න මහතා හඳුන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57