ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා විරාජිනී.

මිහිරි හඬකින් ඇය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කල ශිල්පිනියක්.

වසංගත තත්ත්වය ඇයට කොහොමද කියලා වගේම ලංකාවේ කලාව මේ මෙහොතේ කොහොමද කියල ඇය කියල තිබුනෙ මෙහෙම.

පටන් ගත්ත කොන්සර්ට් හැම එකක්ම අතර මග නවත්තන්න වෙනවා.

ගෘහස්ත ප්‍රසංග වලට අපිටත් යොමු වෙන්න වෙයි. මේ කාලේ ගොඩක්ම වැදගත් පරිස්සම නේ.

නිර්මාණ කරන අනිත් අයටත් සල්ලි නැහැ. මේක අමාරු කාලයක්.

සමහර මිනිස්සුන්ට වසංගතය කියලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමක් නෑ. එයාලා මොන දේ වුනත් උපයන්න ඕනේ.
මොකද හැමෝම මේ ගේම් එක ගහන්නේ කාලා බීලා ඉන්න.
වෙන දේකට නෙවෙයි.

අසමත් වෙච්ච රටක ඉන්න මිනිස්සුන්ට ජීවිතේ පරදුවට තියලා රස්සාවල් වලට යන්නම වෙනවා.

කොරෝනා වසංගතය ගැන ඇය ඔය විදිහට අදහස් දක්වලා තිබුනා.

ඒ වගේම කලාව ගැනත් ඇය ඉතා සංවේදී විදිහට අදහස් දක්වල තිබුනා.

ලතා මංගේෂ්කාර්ලා, මයිකල් ජැක්සන්ලා මේ රටේ ඉපදුනත් වැඩක් නෑ.

මොකද එයාලට වටිනාකමක් මේ රට ඇතුලේ ලැබෙන්නේ නෑ.

ඉන්දියාව වගේ රටක් ගත්තහම එයාලා කලාවට හරි ලැදියි.

එයාලා ඒ දේවල් අඳුරගන්නවා. ඒත් අපේ රටේ නම් මට එහෙම දෙයක් පේන්නෙ නෑ.

සාමාන්‍යෙන් මම දේශපාලනයට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි.

මම අදහන්නේ කර්මය.

අපි විසින්මයි අපි ගොඩනැගෙන්න ඕනේ.
අනික තමා මම කාටවත් ඕනේ විදිහට වැඩ කරන්නේ නෑ. මාව අන්දන්න ගස්වල නග්ගවන්න කාටවත් බෑ.

මගේ දුර්වලතා සහ දක්ෂතා ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.

වර්තමානයේ නිරුවත කලාව තුල මාකට් වෙන එක ගැනත් ඇය අදහස් දක්වල තිබුනා.

ඇමරිකාව ගත්තහම සෙක්ස් කියන දේට විවෘත රටක්.

ඒත් ඒ රටේ ඇතුලේ ලිංගිකත්වය ගොඩක් මාකට් කරනවනේ.

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මොන තරම් මාකට් කරනවද?

මට හිතෙන්නෙ ඒක හොඳ මාකටින් ටූල් එකක්. හැමෝගෙම අතට ෆෝන් එකක් යාම තුලින් අපේ රටේ වෙලා තියෙන්නේ ” ගොඩයට මැජික්” කියන සංකල්පය වගේ දෙයක්.

කලාකාරයෙක් සතු සමාජ මෙහෙවර ගැන කතා කරාට ඒක මොන තරම් ප්‍රායෝගිකද කියලනම් මම දන්නේ නෑ.

කලාවෙන් මෙහෙවරක් කරන්න ඕනේ කියලා හිතන හැමෝම අද කාලේ ඉන්නේ තමන් එක්කම අරගලයක.

තනි තනියෙන් හරි අපි ආරක්ෂා වුනොත් මේ කාලය අපි සාර්ථකව පසු කර යන්නට හැකිවේවී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
272
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49