ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිට රෝහල් ගතවන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.රට තුළ පවතින තත්වය හේතුවෙන් මෙසේ ඉල්ලීමක් කර තිබෙනවා.සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහිකළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේ දී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බවයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කළේ.

මේ අතර ඊයේ (26) නිකවැරටිය ප්‍රදේශයේදී ඉන්ධන නොමැතිව රෝහල්ගතවීම ප්‍රමාද වීම නිසා සිය තුන්වන දරුවා නිවසේදී බිහි කළ මවක් පිළිබද පුවතක් වාර්තා විය.එබැවින් ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහාම රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බවයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?