ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව මේ වසරේ සිට ඉහළට

ගර්භණී මව්වරුන් සඳහා මෙම වසරේ දී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව මෙතෙක් හිමි වූ රුපියල් 20,000ක ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව, රුපියල් 45,000ක් දක්වා මේ වසරේ සිට සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මාසිකව රුපියල් 4500 බැඟින් මාස 10ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම නියමිතයි.

මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයටම මෙම නව වැඩසටහන ද ක්‍රියාත්මක කරන අතර, ඒ අනුව ගර්භණී සමයේ මාස 06ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 04 කාලයකුත් ලෙස මාස 10ක කාලයක් සඳහා ප්‍රතිලාභය හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?