ගැටඹේ පන්සලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයට විහාරාධිපති හිමි අත්අඩංගුවට

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථානය තුළ පහර දී පුද්ගයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය මඟින් මෙම සැකකරුවන් අද (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මැණික්හින්න, ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් ඊයේ (07) අලුයම විහාරස්ථානයේ ගරාජයේ තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

ඊයේ (07) අලුයම් කාලයේ විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ මෙම පුද්ගලයාට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අත්පා ගැටගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනවරණය වී තිබුණේ.

විහාරස්ථානයට ඇතුළු වූ පුද්ගලයාගේ අත්පා ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරු ම ඔහුව රෝහල් ගත කිිරීමට හෝ පොලිසිය දැනුවත් කිරීමට විහාරස්ථානය මඟින් පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිසියට බරපතළ සැකයක් මතුව තිබුණා.

විහාරාධිපති හිමි ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව මත පොලීසිය විසින් සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව විහාරාධිපති හිමියන් මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
11
+1
4
+1
10
+1
5
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?