ගාසා තීරයට ගුවනින් අත් පත්‍රිකා

හමාස් සංවිධානය ඉලක්ක කර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර ඊශ්‍රායලය තවදුරටත් දැඩි කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය ඉලක්ක කර ඊශ්‍රායල ආරම්භ කර ඇති ගොඩබිම් මෙහෙයුම් දෙවන අදියරට පැමිණ ඇති බවයි.

ඉදිරියට එලැඹෙන්නේ දිගු හා දුෂ්කර යුද්ධයක් බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ අතර පලස්තීන මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව ගාසා තීරයට දුරකථන මාර්ග සහ අන්තර්ජාල සම්බන්ධතා සෙමෙන් ආපසු ලැබෙමින් ඇතැයි ද වාර්තා වනවා.

මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම ගුවන් ප්‍රහාර මධ්‍යයේ සන්නිවේදන ජාල සිකුරාදා සවස අක්‍රිය වූ අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශය බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඈත් වී තිබුණා.

මේ අතර ඊශ්‍රායලයෙන් සිදුකර ඇති අනතුරු ඇඟවීම් හමුවේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් දකුණු ප්‍රදේශයට පළා ගිය පලස්තීනුවන් යලිත් උතුරු ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ජීවත් වීමට ප්‍රමානවත් කිසිදු පහසුකමක් හෝ ආරක්ෂාවක් දකුණු ප්‍රදේශයේ නොමැති බැවින් එම වැසියන් යළි උතුරු ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව සඳහන්.

එහෙත් ගාසා තීරයේ උතුරු දේශසීමාව ආසන්නයේ ද හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ.

පවතින තත්වය හමුවේ කොයි මොහොතකදි හෝ ඊශ්‍රායල හමුදාව ගොඩබිම් ආක්‍රමනයක් සඳහා ගාසා තීරයට ඇතුළු වීමේ අවධානමක් පවතිනවා.

ඒ හමුවේ ගාසා තීරයේ උතුරු දේශ සීමාව මේ වන විට යුධ පිටියක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම හැකි ඉක්මනින් උතුරු ප්‍රදේශය අතහැර දකුණු ප්‍රදේශයට පලා යන්නැයි ඊශ්‍රායල හමුදාව ගාසා නගරයට ගුවනින් අත්පත්‍රිකා බෙදා හැර ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවා.

ප්‍රදේශය දැන් යුධ පිටියක් බවට පත් වී ඇති බැවින් ජනතාව දකුණට පිටත් විය යුතු බවට අනතුරු ඇඟවීමේ පත්‍රිකා ගාසා නගරයට ඉහළින් දමා ඇතැයි සඳහන්.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු දේශ සීමාවට ආසන්න භූමියේ පවතින හමාස් සංවිධානයේ භූගත ඉලක්ක වෙත බෝම්බ හෙළන බවද ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

ඊශ්‍රායලය චෝදනා කරන්නේ හමාස් සංවිධානය සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් උමං මාර්ග තුළ සැඟව සිටින බවයි.

පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වූ සහ පුද්ගලයන් 229ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගිය හමාස් ප්‍රහාරයෙන් පසු ඔක්තෝම්බර් 7 දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලමින් සිටිනවා.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
3
+1
3
+1
15
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57