AFC Banner
Empty Ad
Empty Ad

ගාසාහි ළමා අරමුදලට මිලියන 40ක පරිත්‍යාගයක්

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

බේරුවල, චීන කොටුව මුස්ලිම් පල්ලිය සංගමය, වීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය, ‘ජෙම් ශ්‍රී ලංකා’ සංගමය සහ චීන කොටුව ප්‍රදේශයේ දරුවන්ගේ ද දායකත්වය ඇතිව ‘ගාසා හි ළමා අරමුදල’ වෙනුවෙන් රුපියල් 40,198,902ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් ඇතුළු කණ්ඩායම විසින් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?