ගාලු මුවදොර විරෝධතාවය අදත්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 06 වන දිනටත් අඛණ්ඩව පැවැත්වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ සිය විරෝධතාවයේ නිරත වී සිටී.

අධික වර්ෂාවක් ඇඳහැලුණ ද එම විරෝධතාවය සඳහා ඊයේ රාත්‍රීයේදීත් විශාල පිරිසක් එක්රැස් වී සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

අලුත් අවුරුද්ද ද විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ සිටම සැමරීමට සැලසුම් කර තිබේ.