AFC Banner
AFC Banner
Empty Ad

ගාලු පිටියේ දී නායක දිමුත්ගෙන් වටිනා ශතකයක්

සිය ටෙස්ට් දිවියේ 15 වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට අද (16) හැකියාව ලැබුණා.

සංචාරක අයර්ලන්තය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය් දී ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත් වුණා.

පන්දු 139ක් තුළ දී ගොඩනැඟුණු දිමුත්ගේ මෙම ශතකයට අලංකාර හතරේ පහර 07ක් ඇතුළත්.

දිමුත් නායකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අවසන් ටෙස්ට් තරගාවලිය ද මෙය වීම විශේෂත්වයක්.

මේ අතර මාවන් අතපත්තුගෙන් පසුව ටෙස්ට් ආරම්භක පිතිකරුවෙක් ලෙස ශතක 15ක් ලබාගත් පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස දිමුත් වාර්තා අතරට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?