ගාලු කොටුවේ පැරණි උසාවි සංකීර්ණය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ගාල්ල කොටුව නැරඹීම සඳහා සහ තම විවේකී කාලය එහි ගත කිරීම සඳහා වසරකට ලක්ෂ 03කට අධික දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙනවා.

කෙසේ වෙතත්, පරිපාලන, ආයතනික කටයුතු සඳහා යොදා ගැනෙන ගොඩනැගිලි බහුලව පවතින ගාල්ල කොටුවේ ඇතැම් මාර්ගයන් දිවා කාලයෙහිදී රථවාහන තදබදයෙන් යුක්තවීම සහ රාත්‍රී කාලයේදී හුදෙකලා බවට පත් වීම හේතුවෙන් සංචාරකයන්ට එම ප්‍රදේශය භාවිත කිරීමේදී විවිධ බාධාවන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

මහ ගාල්ල සංවර්ධන සැලැස්ම (2021-2030) යටතේ ගාලු කොටුව ලෝක උරුම සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ගාල්ල කොටුවේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි සංරක්ෂණය කරමින් සංචාරක භාවිතයට යොදා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ‘ ගාල්ල පුර්නජිවන ව්‍යාපෘතිය’ ලෙස ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකර ඇති නව අධිකරණ සංකීර්ණය තුළ දැනට ගාලු කොටුවේ පවත්වා ගෙන යනු ලබන මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කර, එම ගොඩනැගිලි රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57