ගාලුමුවදොර අරගලයට ආ කාන්තාවක් හදිසියේ රෝහල් ගත කරයි

ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහභාගි වෙමින් සිටි කාන්තාවක් අද (18) පස්වරුවේ හදිසියේ රෝගී වී තිබේ.

මේ හේතුවෙන් ඇය රෝහල්ගත කිරීමට එම ස්ථානයේ ස්ථාපිත වෛද්‍ය මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

රෝගී වූ කාන්තාවට එහිදී ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව ගිලන් රථයකින් රෝහල වෙත ගෙනයෑමට කටයුතු කර තිබේ.