Empty Ad
AFC Banner
Empty Ad

ගාල්ල සංවර්ධනයට විශේෂ කොමිසමක්

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද නිලධාරීන්ට අවධාරණය කර තිබෙනවා.

ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලැසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළා.

ගාල්ල කොටුවේ දී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ද කථා බහකට එක්වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා අනතුරුව ඒ අසළ වෙළෙඳ සැළකට ද ගොස් වෙළෙඳසැල් හිමියන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ගාල්ල කොටුවේ සංවර්ධනයට අදාළව ඔවුන්ගේ ද අදහස් විමසා තිබෙනවා.

මේ අතර ගාල්ල කොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) එක් වුණා.

ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක් වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

එහි දෙවන දිනය වන ඊයේ දින ද වැඩමුළු සාකච්ඡා, දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වුණු අතර මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාහිත්‍ය විචාරකයන් සමඟ කථා බහක ද නිරත වී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා එහි පොත් කුටිය වෙත ද ගොස් පොත් පරීක්ෂා කර බැලුවා.

ජාත්‍යන්තර සාහිත්‍ය කලා අත්දැකීම් මෙරටට ගෙන ඒමට මෙන්ම ලාංකීය සාහිත්‍ය කලාවන් ලෝකය වෙත ගෙන යාමට මහඟු අවස්ථාවක් සපයන ගාලු සාහිත්‍ය උළෙල හේතුවෙන් මේ දිනවල ගාල්ල සහ කොග්ගල ප්‍රදේශ වෙත දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ජනවාරි 25 වනදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උළෙල අදින් අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>