ගාල්ල වරායෙන් කොටසක් පෞද්ගලික අංශයට බදුදීමේ සැළසුමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගත් නැගෙනහිර පර්යන්තය වසර 2023 වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනය කර අවසන් කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනුයි සභාපතිවරයා මෙම අදහස් පළ කළේ.  

මේ අතර ගාල්ල වරායේ අක්කර 7කට ආසන්න භූමි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට වසර 30ක කාලයක් සඳහා බදු දීමට සැලසුම් කර තිබෙනවා.ගාල්ල වරායේ කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙම කොටස ලබාදීමට සූදානම් කර ඇති බවටයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් අප වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධනගෙන් විමසීමක් කළ අතර, ඔහු සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, වරායේ අනෙකුත් මෙහෙයුම් කටයුතුවලට එමගින් කිසිදු බලපෑමක් සිදුනොවන බව ද ඔහු  සදහන් කළා.මීට අමතරව ත්‍රිකුණාමල වරාය ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙලෙස පෞද්ගලික අංශය හා එක්ව මෙහෙයුම් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන කියා සිටියේ.

ඊට අමතරව දික්ඕවිට වරාය කෙරෙහි ද අවදානය යොමුව ඇති අතර, සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් ලබාගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ප්‍රකාශ කළේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට පෞද්ගලික අංශයට ලබා නොදී වරාය අධිකාරියටම එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි.අනෙකුත් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?