ගාල්ල මුහුදේ ගිල්ලු බස් රථ

කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළයි.

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාලග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදියි.මෙරට ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීම එහි අරමුණ විය.

භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම අද සිදුකෙරුණ අතර කුඩා මත්ස්‍ය පැටවුන් මෙම බස්රථ බඳ තුළ ගොඩනැගෙන නව මත්ස්‍ය ජනාවාස තුළින් පිටතට නොයාම නිසා පැටවුන් ප්‍රමාණයෙන් විශාල වන තුරු මා දැල්වලට හසුවීම මින් වැළකෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?