ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් (ඡායාරූප)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසනයේ දී වැන් රථයක් ඊයේ (26) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.

මාතර දෙස සිට අහංගම දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, වෑන් රථය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන අධිබලති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වෑන් රථයේ සිරවී සිටිය දී වැලිගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව විශාල වෙහෙසක් දරා ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තුවාල ලැබූ රියදුරු වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල – කරාපිටිය රෝහලට මාරු කොට යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම අනතුරත් සමඟ විදුලි රැහැන් වලට සිදු වූ හානිය හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම නගරයේ සිට පැලෑන වටරවුම දක්වා රථවාහන ගමනාගමනය අත්හිටුවීමට ද පොලිසිය සිදු වුණා.

https://youtu.be/0OV5w3kkAL0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17