spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් (ඡායාරූප)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසනයේ දී වැන් රථයක් ඊයේ (26) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.

මාතර දෙස සිට අහංගම දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, වෑන් රථය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන අධිබලති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වෑන් රථයේ සිරවී සිටිය දී වැලිගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව විශාල වෙහෙසක් දරා ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තුවාල ලැබූ රියදුරු වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල – කරාපිටිය රෝහලට මාරු කොට යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම අනතුරත් සමඟ විදුලි රැහැන් වලට සිදු වූ හානිය හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම නගරයේ සිට පැලෑන වටරවුම දක්වා රථවාහන ගමනාගමනය අත්හිටුවීමට ද පොලිසිය සිදු වුණා.

https://youtu.be/0OV5w3kkAL0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?