ගාල්ල කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරාගෙන තිබෙනවා.
එම ස්ථානයේ සිටි පිරිසක් විසින් මෙම යුවළ බේරාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ (22) පස්වරුවේ ගාල්ල කොටුව ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීමට පැමිණි යුවළක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේ මුහුදට ගසාගෙන ගිය යුවළ බේරාගැනීමට ඕලන්ද ගොඩනැගිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරීවරයා මුහුදට පැන ඇති අතර, පසුව අවට සිටි පිරිසකගේ සහා සහාය ඇතිව ඔවුන් දෙදෙනාව බේරාගෙන තිබෙනවා.
අනතුරුව එම යුවළ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙලෙස මුහුදට ගසාගෙන ඇත්තේ අහංගම සහ ලණුමෝදර ප්‍රදේශවල පදිංචි දෙදෙනෙක්.
තරුණිය සහ තරුණයා මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.





