ගාල්ල කොටුවේ පෙම් සුව විඳිමින් සිටි යුවළක් මුහුදට ගසාගෙන ගිහින් (වීඩියෝ)

ගාල්ල කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරාගෙන තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිසක් විසින් මෙම යුවළ බේරාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (22) පස්වරුවේ ගාල්ල කොටුව ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීමට පැමිණි යුවළක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ මුහුදට ගසාගෙන ගිය යුවළ බේරාගැනීමට ඕලන්ද ගොඩනැගිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරීවරයා මුහුදට පැන ඇති අතර, පසුව අවට සිටි පිරිසකගේ සහා සහාය ඇතිව ඔවුන් දෙදෙනාව බේරාගෙන තිබෙනවා.

අනතුරුව එම යුවළ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙලෙස මුහුදට ගසාගෙන ඇත්තේ අහංගම සහ ලණුමෝදර ප්‍රදේශවල පදිංචි දෙදෙනෙක්.

තරුණිය සහ තරුණයා මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40