ගාල්ලේ පාසල් සිසුන් 64කට කොරෝනා..!

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පාසල් දරුවන් 16 දෙනෙකුට, යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ 5 දෙනෙකුට ආදි වශයෙන් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

මෙම ආසාදිත දරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් සොරගුණේ මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග එම ශ්‍රේණිය ඊයේ (15 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

​මේ හේතුවෙන් එම ​ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඊයේ (15 වැනිදා) දිනයේදී ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊට අමතරව හල්දුම්මුල්ල කොස්ලන්ද මකල්දෙණිය වත්තේ වයස අවුරුදු එකයි මාස එකක් වයසැති කුඩා දරුවකුට කොවිඩ් ආසාදිතව පසුගිය 14 වැනිදා ජීවිතක්ෂයට පත් වූ බව හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්ලන්ද මකල්දෙණිය වත්තේ පදිංචිව සිටි නගුලේෂ්වරන් පස්වාන් නමැති කුඩා දරුවෙකි.

මෙම දරුවා නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර දියතලාව රෝහලේදී එම මළ සිරුර සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36
Video thumbnail
කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්න - නලින්දගෙන් විපක්ෂයට සැර පිළිතුරක්
02:06
Video thumbnail
ITC එකෙන් ප්‍රභූවරයෙක් නිදහස් කරගත් ඇඟ හිරිවැටෙන ක්‍රියාන්විතය
04:23
Video thumbnail
"මම බෞද්ධයෙක්..බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා" වැරදිකරුවන්ට නිසි නීතිය ක්‍රියාත්මක වෙනවා
04:07
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37