AFC Banner
AFC Banner
Empty Ad

ගායන සහ වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් මහ මඟ තිබී සොයාගැනේ

ගායන සහ විදුලි ඕගන් වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී හමු වූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ හලාවත, මනක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික රොෂාන් නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

විජයකටුපත ප්‍රදේශයේ මාර්ගයක පුද්ගල මළ සිරුරක් තිබෙන බවට ඊයේ (17) රාත්‍රියේ ලැබුණු තොරතුරක් මත
ආරච්චිකට්ටුව පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ බාහිර තුවාල සිදුවීමක් දක්නට නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?