ගායන ශිල්පී මංජුල ආදරණීය සුරතලාගේ සමුගැනීම වෙනුවෙන් කළ දේ

ලංකාවේ ඉන්න කලා තරු අතරින් බොහෝ දෙනෙක් සුරතල් සතුන්ට ආදරෙයි. ඒ අතරින් සුරතල් සතුන් තමන්ගේ දරුවන් වගේ බලාගන්න අයත් ඉන්නවා. ඒ වගේ සුරතල් සතුන්ට ආදරය දක්වන කෙනෙක් තමයි ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර. මංජුල පාරේ ඉන්න අසරණ සතුන්ට පවා උදව් කරන කෙනෙක්. මංජුලගේ නිවසේ සාමාජිකයෙක් ලෙස වසර හතක් පමණ ජීවත්වුණු බලු සුරතලෙක් පසුගිය දවසක මිය ගොස් තිබෙනවා. ඒ සුරතලා මියගොස් හත්වෙනි දවසේදී මංජුල බලු සුරතලාට පිං පිණිස දානමය පිංකමක් සිදු කර තිබෙනවා.

ඒ වගේම ඒ ගැන සංවේදී සටහනක් මංජුල සිය ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණා.

“ආදරණීය අචං..

ඔයා අක්කාගේ පණ. ඔයයි අක්කයි ඉදිකටුවයි නූලයි වගේ. ගොරවන කොට ඔයා හරි බයයි. අක්කා කොහේහරි ගමනක් යන්න හදනවා කියලා දැනුනොත් ඔයාගේ මූණ හොද නෑ. 2015 මම ඔයාව අක්කට ගෙනත් දුන්න දවසේ ඉදලා 08.01.2022 වෙනකල් අවුරුදු 7ක් පුරාවට සතෙක් උනත් ඔයා හිටියේ මනුස්ස ගතිගුණ එක්ක. ඔයා ජීවත්ව ඉන්නකොට ඔයා හොදට කාලා බීලා සතුටෙන් හිටියා. ලෙඩ උනාම බෙහෙත් ටික දුන්නා. අපි කන්නෙ මොනවද ඒ හැමදේම ඔයාට දුන්නා. කවදාවත් රෑට එලියේ හිටියේ නෑ. කවදාවත් දම්වැල්, කූඩු තිබුණෙ නෑ. අවුරුදු 7ක් පුරාවට ඔයා අක්කට සුවිශේෂී කෙනෙක්. කොහේ අරන් ගියත් වඩාගෙන ගෙනියන්න ඕන. හරිම කීකරුයි. ඔයාව බේර ගන්න ගොඩක් මහන්සි උනත් අපිට ඒක කරගන්න බැරි උනා. ඔයා මැරිලා 7ත් දවස සම්පූර්ණ උනාම අපි ඔයාට අටපිරිකරක් පුජා කරලා බණක් කියලා දානයක් දීලා ඔයාගේ ඊළග ආත්මය කිසිම දුකක් කරදරයක් නොවෙන්න කියලා අපේ ආගම දහම අනුව ප්‍රාර්ථනා කළා. මනුස්සයෙක්ට වගේ අවසන් වතාවත් ලැබෙන්න ඔයා ගොඩක්ම පිං කරලා තියෙනවා. ඔයාට පිං අනුමෝදන් කරපු මෙහෙණින් වහන්සේ පුදුම උනා. අවුරුදු 30කට කවදාවත් ඒ මෙහෙණින් වහන්සේ මේ වගේ පිංකමක් කරලා නැහැ කිව්වා. ඔයා ගොඩක් වාසනාවන්තයි කිව්වා. මට විශ්වාසයි ඔයාට මේ සංසාරේ කවදාවත් දුකක් කරදරයක් නොවෙයි කියලා. පුංචිවත් දුකක් කරදරයක් නොවෙන්න කියලා ඔයාගේ අක්කා ප්‍රාර්ථනා කරනවා..

ඔයාට හොද මනුස්ස ආත්මයක් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44


?