ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනෙන් හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබී පසුගිය පළමු වනදා අබිරහස් ලෙස මියගොස් සිටියදී ලිඳුල පොලිසිය විසින් සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.

ඊයේ (22) ඇයගේ සැමියා සහ ඥාතින් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර ඥාතීන් වෙත භාරදුන් බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාවගේ සිරුර හඳුනා ගැනීම සදහා ලිඳුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා ඇඟිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඇයගේ ඥාතින් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම කාන්තාව නිත්‍යානුකුලව විවාහ වී සිටි සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව සඳහන්.

ඇයට නිත්‍යානුකුල විවාහයෙන් දරුවන් තිදෙනෙකු ද සිටින බවයි ලිඳුල පොලිසිය දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හඳුනාගෙන තිබෙනවා.

මෙම කාන්තාව සමග ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සැක පළ කර තිබුණේ මෙය ඝාතනයක් බවටයි.

මියගිය කාන්තාවගේ සිරුරු කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?