AFC Banner
AFC Banner
Empty Ad

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනූ ලොව පළමු වැන්නා ලෙස ජොකොවික් වාර්තා අතරට

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගයේ දී නෝර්වීජියානු ක්‍රීඩක කැස්පර් රූඩ් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙතෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් දිනාගනිමින් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තබා තිබූ වාර්තාව අලුතින් ජොකොවික්ගේ නම ඉදිරියේ ලිය වුණා.

කෝට් ෆිලිප්-චැට්‍රියර් හිදී ක්‍රියාත්මක වූ මෙම තරගය පැය තුනකට වැඩි කාලයක් පැවති අතර, එහි අවසන් ලකුණු සටහන දැක්වුණේ 7-6ක්, 6-3ක් සහ 7-5ක් ලෙසටයි.

මේ අතර සිය 34 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ජොකොවිච් නැවතත් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීම ද සමත්වීම විශේෂත්වයක්.

ජොකොවික් මේ වනවිට පැරිස් ශුරතා තුනක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 10ක්, විම්බල්ඩන් ශුරතා 07ක් සහ එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතා තුනක් ජයගෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23කට හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?