දිවයින පුරා ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බවයි ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දීමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ අතර ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භ කරනු ලැබුවා.
එම විරෝධතා සතිය ද අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඊට අමතරව මැයි 17 වනදා සිට ග්‍රාම නිලධාරි විසින් ක්‍රියාත්ම කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි ඔහු සඳහන් කළේ.