ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද රැයින් අවසන්

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බවයි ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දීමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භ කරනු ලැබුවා.

එම විරෝධතා සතිය ද අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතරව මැයි 17 වනදා සිට ග්‍රාම නිලධාරි විසින් ක්‍රියාත්ම කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00