ග්‍රාම නිලධාරිවරයෙකු අත්අඩංගුවට

නොච්චියාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්තව, අංක 333, කුසුම්පුර වසමේ ග්‍රාම නිලධාරිවරයෙකු රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් පට්ටලයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සහ ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම වෙනුවෙන්, සැකකරු විසින් මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සහ කර තිබේ. මෙම වැටලීම අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකර තිබේ.සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?