ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමෙන් ශ්‍රී ලංකාවට සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ උප සභාපති Liu Wenkui මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවී තිබෙනවා.

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රයත්නයන් සඳහා චීනය ලබා දෙන විශාල දායකත්වයට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බීජිං සංචාරයේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බවට Xi Jinping ජනාධිපතිවරයා ලබාදුන් සහතිකය පිළීබඳව අග්‍රාමාත්‍යවරයා චීනයට කෘතඥතාව පළ කරනු ලැබුවා.

Liu Wenkui මහතා පැවසුවේ, තම පදනමට ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බැවින්, ස්වයංපෝෂිතභාවය, ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සහ අපනයන ඉහළ නැංවීම යන බහුවිධ ඉලක්ක සඳහා ග්‍රාමීය ඵලදායිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සහාය විය හැකි බවයි.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනම, දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාමීය පාසල්වල ප්‍රාථමික පාසල් දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?