ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමෙන් ශ්‍රී ලංකාවට සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ උප සභාපති Liu Wenkui මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවී තිබෙනවා.

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රයත්නයන් සඳහා චීනය ලබා දෙන විශාල දායකත්වයට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බීජිං සංචාරයේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බවට Xi Jinping ජනාධිපතිවරයා ලබාදුන් සහතිකය පිළීබඳව අග්‍රාමාත්‍යවරයා චීනයට කෘතඥතාව පළ කරනු ලැබුවා.

Liu Wenkui මහතා පැවසුවේ, තම පදනමට ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බැවින්, ස්වයංපෝෂිතභාවය, ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සහ අපනයන ඉහළ නැංවීම යන බහුවිධ ඉලක්ක සඳහා ග්‍රාමීය ඵලදායිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සහාය විය හැකි බවයි.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනම, දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාමීය පාසල්වල ප්‍රාථමික පාසල් දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04