ගස් ගෙම්බෙක් නිසා නිට්ටඹුවේ දී මාරක අනතුරක්

කිරිඳිවැල, නිට්ටඹුව මාර්ගයේ දියගොඩැල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (21) දහවල් සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරාපොල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

නිට්ටඹුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක සිටි ගස් ගෙම්බෙක් රියදුරුගේ ඇඟට පැනීමත් සමඟ කලබලයට පත්ව රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.

අනතුරුව ත්‍රිරෝද රථ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති අතර, එම යතුරුපැදිය පසුපසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු, ඔහුගේ බිරිඳ සහ යතරුපැදිකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහල් ගත කිරීමෙන් පසු ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?