ගලි වලකට ඇදවැටී කම්කරුවන් දෙදෙනෙකු මියයයි

ගලි වලක අලුත් වැඩියා කටයුත්තක් සිදුකරමින් සිටි කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු එම ගලි වල තුලට වැටි මියයාමේ සිද්දියක් කොටහේන පොලිස් වසමෙන් වර්තාවනවා.

ඔවුන් දෙදනා අද දහවල් හෙට්ටියාවත්ත මංසන්ධියේ මෙම අලුත්වැඩියා කටයුත්තේ නිරතව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ .

මියගිය දෙදනා වයස අවරුදු 28 ක් 38ක් වන කොළඹ 10 සහ 12 පදිංචි කරුවන්.

ඔවුන් අද නඩත්තු කටයුත්තේ නිරතව සිටියදී එක් පුද්ගලයෙකු ගලි වල තුළට වැටි ඇති අතර පසුව ඔහු බේරාගැනීමට අනෙක් පුද්ගලයා උත්සහ කිරීමේදී ඔහුද ගලි වල තුළට ඇද වැටී ඇති බව පොලිසිය පැවසුවා.

ප්‍රදේශවාසීන් මැදිහත් වී දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?