ගල් වළක දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී මියයයි

ගල් වැඩපලක ජලය පිරී තිබූ වළක දිය නෑමට ගිය එක්දරු පියෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචිව සිටී 29 හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු තම බාල සොහොයුරා සමග දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

දියේ ගිලුණු මෙම පුද්ගලයා බේරාගෙන නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

ඔවුන් දිය නෑමට ගිය ස්ථානය දිය නෑමට සුදුසු තැනක් නොවන බවයි පොලිසිය කියාසිටියේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?