ගල් වලක ගල් බෝරයක් පිපිරීමෙන් සේවකයෙක්ට දිවි අහිමි වෙයි

මීගොඩ පොලිස් වසමේ දාම්පේ ප්‍රදේශයේ පිහිටි ගල් වලක ඊයේ (06) දින සවස් කාලයේ ගල් බෝරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු‍ 52 ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ එම ගල් වලෙහි සේවය කළ අයෙක්.

මෙම පුද්ගලයා සහතවත් අයෙක් ගල්වලේ ගල්බෝර 08 ක් පිපිරවීමට සුදානම් කර ඉන් 07 ක් පුපුරවා හැර ඇති අතර එක් ගල් බෝරයක් පිපිරි නැහැ.

පසුව මරණකරු පිපිරි ගිය ගල් කොටස් පහලට ඇඳ දැමීම සඳහා ලණුව ආධාරයෙන් පහලට බැස ගල් පෙරලමින් සිටියදී මෙම පුපුරා නොගිය ගල් බෝරය එකවරම පිපිරි යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?