ගල් පරයක ගැටුනු නෞකාව නිරීක්ෂණයට නාවික සහ ගුවන් මෙහෙයුම්

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී. යුරෝසන් නෞකාව නිරික්ෂණයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව තිබෙනවා.

නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ රාත්‍රියේදී එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාද නෞකාවේ නිරීක්ෂණය සඳහා එක්කර තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රිය ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාව ගිනිකොණ දිග මුහුද දෙසින් ගොඩබිම සිට කිලෝමීටර 10ක් පමණ දුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවීමෙන් ඊයේ දහවල් අනතුරට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720 ක ප්‍රමාණයක්ද ගබඩා කර තිබූ බව සඳහන්.

නෞකාව පරයේ සිරවීමෙන් ඊට හානියක් සිදුවී ඇත්ද යන්න සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ. මීට අමතරව ඒ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?