ගල් පරයක ගැටුනු නෞකාව නිරීක්ෂණයට නාවික සහ ගුවන් මෙහෙයුම්

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී. යුරෝසන් නෞකාව නිරික්ෂණයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව තිබෙනවා.

නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ රාත්‍රියේදී එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාද නෞකාවේ නිරීක්ෂණය සඳහා එක්කර තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රිය ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාව ගිනිකොණ දිග මුහුද දෙසින් ගොඩබිම සිට කිලෝමීටර 10ක් පමණ දුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවීමෙන් ඊයේ දහවල් අනතුරට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720 ක ප්‍රමාණයක්ද ගබඩා කර තිබූ බව සඳහන්.

නෞකාව පරයේ සිරවීමෙන් ඊට හානියක් සිදුවී ඇත්ද යන්න සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ. මීට අමතරව ඒ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09