අකුරේගොඩ ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙක් මාට්ටු

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ වෙඩික්කරුවෙක් බවට සැකකරන පුද්ගලයෙක් අද (21) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙණිය ප්‍රදේශයේ අත්අඩංගුවට පත් සැකකරු හමුදාවෙන් පළා ආ අයෙක් බවටයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් ප්‍රවාහන කරන ලද බවට සැකකෙරෙන ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්, ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ නිවසක තිබියදී අද (21) පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම් විසින් මෙම මෝටර් රථය සොයාගෙන සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම පසුගිය 13 වැනිදා සිදු වූ අතර ඊට පෙර 10 සහ 12 යන දින කිහිපය අතරතුර අදාළ ඝාතනයේ වෙඩික්කරුවන් කඩවත සහ කොට්ටාව අතර ප්‍රවාහන කිරීම සඳහා මෙම මෝටර් රථය යොදාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19