ගල්කඩුවේ නිලක්ෂ හෙරොයින් සමග STF අත්අඩංගුවට

විවිධ අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගල්කඩුවේ නිලක්ෂ නමැති සැකකරුවෙකු හෙරොයින් මිලිග්‍රෑම් 12,520 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කර, උපයා ගන්නා ලද රුපියල් 137,000 මුදලක්, ජංගම දුරකථන තුනක්, යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම – පුෂ්පාරාම විශේෂ කාර්‍යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිපිටිය – පේරගස්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි සැකකරුව අත්අඩංගුවට ගැනුණේ.

සැකකරුව අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව මේ වනවිට වැලිගම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතුවලින් පසුව සැකකරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?