ඉදිරි ගල්අඟුරු වාරය සඳහා ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිඳු අවදානමක් නොපවතින බව ලංකා ගල්අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල්අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් ඇතැම් මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වීමත් සමඟ ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.
ඒ, අනුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල්අඟුරු තොග ප්‍රමාණවත් ලෙස පවතින බවයි එම සමගම පවසන්නේ.
වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්තුව යටතේ තවත් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 840,000ක් සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිතව ඇති බව එහි සඳහන්.
එමෙන්ම ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම් සඳහාවන ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.















