ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනියානු සමාගමකට

ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා ඉන්දුනියානු සමාගමකට ටෙන්ඩරය ප්‍රදානය කළ බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කරනවා.

ඒ, අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720,000ක් සැපයීම සඳහා අදාළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවයි ඔහු අද (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12ක් ලෙස ගල්අඟුරු සැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙරටට ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 09ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ඒ, අනුව ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගමට සැපයුම් අවස්ථාව පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?