ගලකට යට වී සිව් හැවිරිදි දරුවෙකු මරුට

බණ්ඩාරවෙල හල්දුම්මුල්ල – හරංකහව ප්‍රදේශයේදී ගලක් පෙරළී ඊට යට වී සිව් හැවිරිදි දරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ – උඩපේරුව ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බවයි.

කුඩා දරුවා, මව සහ පියා සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පියාගේ මිතුරෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පියා විසින් මිය ගිය දරුවා රැගෙන ගලක් මත නැගී සිටි අවස්ථාවේදී ගල බුරුල් වී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?