ගම්පොළ තරුණිය ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි (ඡායාරූප)

ගම්පොල වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී පසුගිය 7 වනදා අතුරුදහන් වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙසේ අතුරුදහන්ව ඝාතනය වී ඇත්තේ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය පසුගිය ඉරිදා සිය සේවා ස්ථානය වන ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ඖෂධහල වෙත යාම සඳහා නිවසින් පිටත්ව ඇති අතර ඊට මීටර සීයක් පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ CCTV කැමරාවල අය ගමන් කරන ආකාරය සටහන් වී තිබෙනවා.

එතැන් සිට ඇය සම්බන්ධයෙන් හෝඩුවාවක් නොමැති බවටයි ඥාතීන් ප්‍රකාශ කර තිබුණේ.

තරුණිය පිළිබඳව එදින සිට සොයා බැලුවද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් අද උදෑසන ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීම සඳහා ගම්පොල පොලිසිය සහ තරුණියගේ සොහොයුරකු එම දුරකථන සමාගම පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් තිබුණේ අධිකරණ නියෝගයක් ද සමගින්.

මේ අතර ගම්පොල පොලිසිය වෙත විදේශ රටකින් ලැබුණු දුරකථන ඇමතුමකින් ප්‍රකාශ වී ඇත්තේ මෙම තරුණිය ගම්පොල ප්‍රදේශයේ නිවසක සිටින බවයි. එහෙත් පොලිසිය ද එම නිවස වෙත ගොස් පරික්ෂා කළ ද එවැනි තරුණියක් නොසිටීම හේතුවෙන් එය ව්‍යාජ ඇමතුමක් බව හෙළි වී තිබෙනවා.

මේ අතර තරුණියගේ ගම් ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සියලූ තොරතුරු ඔහු හෙළිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තරුණිය සේවා ස්ථානයට යාම සඳහා නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතුව තිබෙනවා. එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර පළමු CCTV කැමරාවෙන් අනතුරුව එවැනි පාළු ස්ථානයක දී මෙම තරුණයා ඇයගේ අතින් අල්ලා පොල්වත්තක කැලෑබද ප්‍රදේශයට ඇය කැඳවා ගැනීමට උත්සාහ දරා ඇතැයි සඳහන්.

නමුත් ඇය ඊට විරුද්ධත්වය පළ කර ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තම පියාට පවසන බවයි. මේ හේතුවෙන් සැකකරු එම තරුණියගේ ගෙළ මිරිකා ඝාතනය කළ බවටයි හෙළිකර ඇත්තේ.

අනතුරුව ඔහු එම පොල්වත්තේ තරුණිය වළ දමා ඊට උඩින් පොල් අතු ආදිය දමා වසා දමා තිබෙනවා.

ඇය පැළඳ සිටි සෙරෙප්පු හා වතුර බෝතලය කැලෑවට විසි කළ ඔහු ගමට ගොස් දින 6ක් පුරා සිටියදී යි අද අත්අඩංගුවට ගෙන ඇත්තේ. අනතුරුව සැකකරු මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශනය කර ආරක්ෂාව යොදවා තිබෙනවා.

මෙම තොරතුරත් සමග විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබූ අතර අනතුරුව සැකකරු එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහේස්තාත් අධිකරණය වෙත හා මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත වාර්තා කළ අතර ඒ අනුව හෙට (13) දින තරුණිය වළ දමා ඇති ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
1
+1
41
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07