ගම්පොළ තරුණිය ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි (ඡායාරූප)

ගම්පොල වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී පසුගිය 7 වනදා අතුරුදහන් වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙසේ අතුරුදහන්ව ඝාතනය වී ඇත්තේ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය පසුගිය ඉරිදා සිය සේවා ස්ථානය වන ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ඖෂධහල වෙත යාම සඳහා නිවසින් පිටත්ව ඇති අතර ඊට මීටර සීයක් පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ CCTV කැමරාවල අය ගමන් කරන ආකාරය සටහන් වී තිබෙනවා.

එතැන් සිට ඇය සම්බන්ධයෙන් හෝඩුවාවක් නොමැති බවටයි ඥාතීන් ප්‍රකාශ කර තිබුණේ.

තරුණිය පිළිබඳව එදින සිට සොයා බැලුවද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් අද උදෑසන ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීම සඳහා ගම්පොල පොලිසිය සහ තරුණියගේ සොහොයුරකු එම දුරකථන සමාගම පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් තිබුණේ අධිකරණ නියෝගයක් ද සමගින්.

මේ අතර ගම්පොල පොලිසිය වෙත විදේශ රටකින් ලැබුණු දුරකථන ඇමතුමකින් ප්‍රකාශ වී ඇත්තේ මෙම තරුණිය ගම්පොල ප්‍රදේශයේ නිවසක සිටින බවයි. එහෙත් පොලිසිය ද එම නිවස වෙත ගොස් පරික්ෂා කළ ද එවැනි තරුණියක් නොසිටීම හේතුවෙන් එය ව්‍යාජ ඇමතුමක් බව හෙළි වී තිබෙනවා.

මේ අතර තරුණියගේ ගම් ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සියලූ තොරතුරු ඔහු හෙළිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තරුණිය සේවා ස්ථානයට යාම සඳහා නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතුව තිබෙනවා. එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර පළමු CCTV කැමරාවෙන් අනතුරුව එවැනි පාළු ස්ථානයක දී මෙම තරුණයා ඇයගේ අතින් අල්ලා පොල්වත්තක කැලෑබද ප්‍රදේශයට ඇය කැඳවා ගැනීමට උත්සාහ දරා ඇතැයි සඳහන්.

නමුත් ඇය ඊට විරුද්ධත්වය පළ කර ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තම පියාට පවසන බවයි. මේ හේතුවෙන් සැකකරු එම තරුණියගේ ගෙළ මිරිකා ඝාතනය කළ බවටයි හෙළිකර ඇත්තේ.

අනතුරුව ඔහු එම පොල්වත්තේ තරුණිය වළ දමා ඊට උඩින් පොල් අතු ආදිය දමා වසා දමා තිබෙනවා.

ඇය පැළඳ සිටි සෙරෙප්පු හා වතුර බෝතලය කැලෑවට විසි කළ ඔහු ගමට ගොස් දින 6ක් පුරා සිටියදී යි අද අත්අඩංගුවට ගෙන ඇත්තේ. අනතුරුව සැකකරු මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශනය කර ආරක්ෂාව යොදවා තිබෙනවා.

මෙම තොරතුරත් සමග විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබූ අතර අනතුරුව සැකකරු එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහේස්තාත් අධිකරණය වෙත හා මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත වාර්තා කළ අතර ඒ අනුව හෙට (13) දින තරුණිය වළ දමා ඇති ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19