spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පොල භූ කම්පනය පිළිබඳ නිවේදනයක්

ගම්පොල ප්‍රදේශයට බලපෑ සුළු භූ කම්පනතත්වය හේතුවෙන් කොත්මලේ ජලාශය ඇතුළු අනෙකුත් කඳුකරයේ ජලාශ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඊයේ (05) ගම්පොල ප්‍රදේශයට රාත්‍රියේ සුළු භූ කම්පන තත්වයක් ඇති වූ අතර මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු විය.

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, ආදි ජලාශ ඉදි කර ඇත්තේ භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයට බවත් මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 02ක පමණ සුළු භූ කම්පනයක් බවත් ඒ මහතා පැවසීය.

මධ්‍යම කඳුකරයේ පොළොව අභ්‍යන්තරයේ විශාල පැලුම් තිබෙන බවත් ජලාශ වලට ජලය පිරීමේදී හා ජලය සිඳී යාමේදී මෙම පැලුම් කුහර විස්ථාපනය හෝ සංකෝචනය වීමෙන් සුළු භූ කම්පන තත්වයන් ඇති විය හැකි බවදමහාචාර්යවරයා අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?