ගම්පහ වෙළෙඳසැල් කිහිපයක් වසා දැමේ

ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.

පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නගරාධිපතිවරයා,

“දැනට නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 233ක් ඉන්නවා. ගම්පහ නගරය ආශ්‍රිතව දැනට එළවළු වෙළෙඳපොළ ආශ්‍රිත කඩ කිහිපයක් වසා දමා තිබෙනවා. ඉදිරියේ දී මොකද්ද කරන්නේ කියලා තීරණය කළා. එතකොට තීරණය කළා නගරය වසා දමන්නේ නැතුව පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත කඩ හා සේවකයින් පොසිටිව් වුණ විවිධ කඩ වසා දැමීමට. ඒ වගේම මුළු නගරයේ ම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5කදී තීරණය කළා. ඒ වාර්තාව සමග ඊළඟ පියවර තීරණය කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?