AFC Banner
Empty Ad

ගම්පහ ප්‍රදේශයේ කාන්තා ඝාතනයක්

ගම්පහ, බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ අත් පා ගැටගසා කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 81 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව ඊයේ (05) උදෑසන කාලයේ නිවස ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත් සිදුකර යළි නිවසට පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ ඊයේ දහවල් කාලයේ නිවසට ඇතුළු වී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?