ගම්පහ නගරයට මහ ගංවතුර තත්ත්වයක් – අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

ගම්පහ නගරය සඳහා විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, එම වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 06 ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලබනවා.

ඒ අනුව ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ මෙන්ම නගරයේ වෙළඳසැල් හිමිකරුවන්ගෙන්ද ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?