ගම්පහ උපකාරක පන්ති හදිසි පරික්ෂාවකට

ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. ඒ උපකාරක පන්තියක වැසිකිළියක් තුළ තිබී කැමරාවක් හමුවීමේ සිද්ධියක් පිළිබඳව රටේම අවධානය යොමුවීමත් සමගයි.

අදාළ සිදුවීම වාර්තා වූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය උපකාරක පන්තියකින්.

මේ අනුව ඊයේ (18) දිනයේ ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබූ අතර එහිදී ළමුන් විශාල පිරිසක් සහභාගීවන පන්ති දෙකක වැසිකිළිවල ආරක්ෂාව අවම බවට අනාවරණය වී තිබුණා.

එක් පන්තියක පඩිපෙළ ඔස්සේ ඉහළට ගමන් කිරීමේදී වැසිකිළිය පෙනෙන ආකාරයෙක් සකස්වී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන්, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම හදිසි සෝදිසිය සඳහා සහභාගී විය.

තවත් පන්තියක වැසිකිළිය ආසන්නේ සවිකර තිබූ CCTV කැමරාවක් නිරීක්ෂණය වී තිබූ අතර එය වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතනයේ කළමනාකාරීත්වයට දැනුම්දී තිබේ.

බොහෝ උපකාරක පන්තිවල සකස්කර ඇති වැසිකිළි සෞඛ්‍ය පහසුකම්වලින් අවම බවද මෙහිදී නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව අදාළ පෞද්ගලික උපකාරක පන්ති යළි ලියාපදිංචියට පෙර නිවරැදිව සකස් කර දැනුම්දෙන ලෙස එම ආයතන කළමනාකරුවන් සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් වෙත දන්වා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44